ඔන්න දවසක් ඇමෙරිකන් සංචාරකයෙක් GUIDE එක්ක අනුරාධපුරේ පැරණි නටබුන් බලන්න ගියාලු . එහෙම ගියාම අපේ පැරණි විශාල වෙහෙරක් දැකල පුදුමයට පත් වෙලා Guide ගෙන් මෙහෙම ඇහුවලු.
“මේක හදන්න කොච්චර කාලයක් යන්න ඇතිද??” කියලා
“අවරුදු දහයක්” guide උත්තර දුන්නලු . එක අහපු සුද්ද ආඩම්බරෙන් මෙහෙම කිව්වලු.
“අපෝ මෙහෙ මිනිස්සු හරි කම්මැලි නේ..ඇමරිකාවේ නම් මේ වගේ එකක් හදන්න යන්නේ අවරුදු 5 යි” කියලා .
ඔන්න ඒ පාර මුන් දෙන්න ගියේ සීගිරිය බලන්න ලු. සුද්ද එක දැකලත් guide ගෙන් අර පර්ශ්නෙම ඇහුවලු.“අවරුදු හතරක් විතර” ගිය පාර චාටර් වුනු නිසා කාලේ ටිකක් අඩු කරලා guide උත්තර දුන්නලු..
“ අපෝ මෙහෙ මිනිස්සු හරි කම්මැලි නේ..ඇමරිකාවේ නම් මේ වගේ එකක් හදන්න යන්නේ අවරුදු 2 යි” සුද්ද අයෙත් පොර ටෝකක් දැම්මලු..
ඒ පාර මුන් දෙන්න ගියේ මහනුවර දළදා මාලිගාව බලන්නලු..එතනදි සුද්ද ඇහුවලු අර මොකද්ද කියල..එක පාරටම guide මෙහෙම කිව්වලු.
“පොඩ්ඩක් ඔහොම ඉන්න සර්, අද උදේ නම් ඔහොම එකක් තිබුනේ නෑ , මං අහල ඇවිත් කියන්නම් කියල.
No comments:
Post a Comment