Tuesday, January 20, 2015

මචං කතරේ..

දවසක් මානසික රෝහලේ වෛද්‍යවරයෙක් ලෙඩ්ඩු බල බල ඉන්නාවිට එක් ලෙඩෙක් වෛද්‍යවරයා ලගට පැමිණියේය ..
ලෙඩා - දොස්තර මහත්තයෝ..මට ඔබ තුමාගෙන් ලොකු උදව්වක් ඕනේ..
වෛද්‍යවරයා - කියන්න සිරිපාල..මට පුළුවන් දෙයක් නම් කරලා දෙන්නම්..
ලෙඩා - මට මේ දවස් වල හරි කරදර..ලියුමක් තියනවා..තැපැල් කරලා දෙන්න පුළුවන් වෙයි ද??
වෛද්‍යවරයා - අයියෝ ඕකත් එච්චර දෙයක්ද මම තැපැල් කරන්නම්
ලෙඩා - බොහොම ස්තුති ඔබතුමාට..
ලියුම දුන් මානසික ලෙඩා කාමරයෙන් ගිය පසු එම ලිපිය තම බෑගයේ දමාගත් වෛද්‍යවරයාට එය නැවතත් මතක් වුයේ නිවසේදීය..ලිපිය අතට ගත් විට එහි නම සහ ලිපිනය සඳහන් වුයේ "කතරගම දෙවිඳු,කතරගම දේවාලය,කතරගම" යනුවෙනි..
ලිපිය විවෘත කර බැලූ වෛද්‍යවරයාට මද සිනහා පහල විය.
"මචං කතරේ,,ඔබගේ සැප දුක කෙසේද? මට නම් කිසි සැපක් නැත.අතේ සතේ නැත.වැස්සට තෙමේ..අව්වට වේලේ..උඹට පුළුවන් නම් මට රුපියල් 20ක් එවාපන් මචෝ..උඹට කතරගම දෙවියන්ගේම පිහිටයි."
මෙය දුටු වෛද්‍යවරයාට අනුකම්පා සිතිනි,,ඔහු රුපියල් 10 නෝට්ටුවක් ලියුම් කවරයක දමා,මෙලෙස කෙටි සඳහනක් කළේය..
"මචං සිරා..උඹේ ලියුම ලැබුනා..ඔන්න උඹට සල්ලි එව්වා.."
පසුදින උදෑසන රෝගීන් බලන වෙලාවේදී රෝගියාගේ බලාපොරොත්තු සහගත මුහුණ වෛද්‍යවරයාට දැකගත හැකි විය.
"සිරිපාල දුන්න ලියුම මම තැපැල් කළා..අද උදේම එකට උත්තරේකුත් ආවනේ..
එය ඇසු රෝගියාගේ මුහුණේ මලක් පිපිනි..
"අනේ බොහොම ස්තුති දොස්තර මහත්තයා
පසුදින රෝගීන් බලන වෙලාවේදී සිරිපාල විසින් තවත් ලියුමක් වෛද්‍යවරයාට තැපැල් කිරීම සඳහා ලබා දුනි..එහි මෙසේ සඳහන් විය..
"මචං කතරේ..උඹ එව්ව සල්ලි ලැබුනා..එත් ඒ 20න් 10කට දොස්තරයා කෙලලා "

No comments:

Post a Comment