Tuesday, January 20, 2015

කකුල් තුනෙන් කන්දක් නැගලා කකුල් හතරෙන් කන්ද බහින සතා කවුද?

සිංහල ටිකක් එහෙම දන්න ඇමරිකානුවෙක් ගියාලු ලංකාවේ දුෂ්කර ගමකට. එහෙදි පොරට ලංකාවෙ වයසක සීය කෙනෙක් හමු වුනාලු. ඉතින් මේ පොර ලඟ තියන ගැජට් දැකල ඒ වයසක උන්දැට හෙන පුදුමයි ලු.

දවසක් මේ ඇමරිකානුවා තමන්ගෙ ලොකුව පෙන්නන්නත් එක්ක මේ වයසක උන්දැට චැලේන්ජ් එකක් දුන්නලු...
මං උඹෙන් සාමන්ය දැනීම ප්රශ්නයක් අහනවා උඹට උත්තර දෙන්න බැරි උනොත් මට රුපියල්5 ක් දීපන් උඹ අහන එක මට බැරි උනොත් උඹට මං රුපියල්500 ක් දෙනවා කියලා.
වයසක උන්දැත් දෙසැරයක් කල්පනා කරන් නැතුව මේකට කැමති උනාලු..

අමෙරිකානුවා : පෘථිවිය ඉදන් හඳට දුර කීයද?
වයසක උන්දැ කල්පනා කරල බැරිම තැන රුපියල්5 ක් අරං ඇමරිකන් පොරට දුන්නලු..
ඇමරිකන් කාරය කින්ඩි හිනාවක් දැම්මලු.. දැන් වයසක උන්දැගෙ වාරෙලු

වයසක උන්දැ : කකුල් තුනෙන් කන්දක් නැගලා කකුල් හතරෙන් කන්ද බහින සතා කවුද?
ඇමෙරිකානුවා, තමන්ගෙ ලැප් එකෙන් නෙට් සර්ෆ් කරලා, යාළුවො එක්ක ප්රශ්නෙ ගැන චැට් කරල, පැයකට විතර පස්සෙ බැරිම තැන පර්ස් එකෙන් රුපියල්500 ක් අරං වයසක උන්දැට දුන්නලු..

ඇමෙරිකානුවා : ඇත්තටම ඒ සතා මොකාද සීයෙ?
ඒක අහපු වයසක උන්දැ සාක්කුවෙන් රුපියල්5 ක් අරං ඇමරිකානුවට දුන්නලු

මන් ලොකු උනාම කවුරු වෙනවටද කෑමති??

දුව -- තාත්තෙ මන් ලොකු උනාම කවුරු වෙනවටද කෑමති?? 
තාත්තා-- දොස්තර කෙනෙක්. 
දුව -- ඒ කියන්නෙ තාත්තා දන්නවා මන් දක්ශෞඉ කියලා.. 
තාත්තා -- නෑ නෑ ඔයගේ අකුරුත් දොස්තරලගෙ වගෙ ඒකයි 

අපි මැරුනහම "පණ" කොහෙන්ද යන්නේ?

ඔන්න මචන්ලා පොඩි පන්තියකට උගනවන්න සර් කෙනෙක් ආවලු..
සර් : හොදයි ..ලමයි දැන් මට කියන්න අපි මැරුනහම "පණ" කොහෙන්ද යන්නේ?
නිමල් : "පණ" යන්නේ ජනේලෙන් සර් ඔව්...
සර්: මොකක් මොන හු** තමුසේ කියන්නේ?කොහොමද තමුසේ එහෙම කියන්නේ?
නිමල් : අපේ අක්ක කියනවා මට ඇහුනා සර් ,"ජනේලෙන් පැනලා යන්න මගේ පණ කියලා ඊයේ රෑ "..

මහත්තයා වැඩ කරන්නේ පොලිසියේ නේද?

පොලිස් නිළධාරියෙක් හදිසියේ සිය සේවා මුරය නිම කර ගෙදර ගියා.සිය බිරිඳ නිදා සිටින බැවින් ඇය අවදි නොකර කරුවලේම ඔහු සිය ඇඳුම් ගලවා, ඇඳට ගොස් නිදා ගත්තා.
බිරිඳ ඔහුට තට්‍ටු කර " අනේ මගේ ඔලුව හරියට රිදෙනවා ,අර හංදියේ තියෙන නයිට් කඩයට ගිහින් පැනඩෝල් පෙති ටිකක් ගේනවද බබෝ" සිය සැමියාගෙන් ඇසුවා.
සැමියා කරුවලේම සිය අඳුම් ඇඳ ගෙන හංදියේ තියෙන කඩේට ගියා බිරිඳට පැනඩෝල් ගේන්න.
කඩේට ගියාම කඩේ මුදලාලි පුදුමයෙන් වගේ ඔහු දෙස බලා ඉන්නවලු.පස්සේ මුදලාලි මේ පොලිස් නිලධාරියාගෙන් අහනවා " මහත්තයා වැඩ කරන්නේ පොලිසියේ නේද?
පොලිස් නිලධාරියා " ඔව් ඔව්, මුදලාලිට ඔච්චරම මතක නැද්ද?
එහෙනම් මහත්තයා මොකද මේ ගිනි නිවන හමුදාවේ ඇඳුම් ඇඳගෙන?

අනේ පැටියෝ ඔයා මට කොච්චර ආදරේද?

වයිපරේ: අනේ පැටියෝ ඔයා මට කොච්චර ආදරේද?
හස්බා :සාජහන් මුම්ටාස්ට ආදරේ කරා වගේ මම ඔයාට ලව්..
වයිපරේ : අනේ ඇත්තද මගේ වස්තුව..ඒ කියන්නේ ඔයා මන් මැරුනහම "ටජ් මහල්" වගේ එකක් හදනවද?
හස්බා ; ඔව් ඔව් ඩෙෆා... මන් මේ ලගදි හොද ඉඩමකුත් හොයලා බලලා ගත්තා. ඒත් ඔයා තමයි තාම පරක්කු